-->

Menu1

     ධාරිත්‍රකය(Capacitor)

යම් විබව අන්තරයක් සැපයූ විට ප්‍රති විරුද්ද විදුලි ආරෝපන යම් ප්‍රමානයක්  ගබඩා කර තබා ගැනීමට සමත් උපක්ක්‍රමයක් ධාරිත්‍රකයක් ලෙස හැදින් විය හැක  Condenser  යනු ධාරිත්‍රක වලට යොදන තවත් නමකි

ධාරිත්‍රකයක් තනා ගනු ලබන්නේ සන්නායක දෙකක් අතර පරිවාරක මාද්‍යයක් තැබීමෙනි ධාරිත්‍රක වල යෙදෙන එවැනි පරිවාරක මාද්‍යය පාරවිද්‍යුත් ද්‍රව්‍ය(Dielectrios) යන ගනයට අයත් වේ වාතය කඩදාසි මයිකා සෙරමික් මයිලර් පොලියෙස්ටර් ප්ලාස්ටික් හා සමහර තෙල් වර්ග  යන ආදී පාරවිද්‍යුත් ද්‍රව්‍ය ලෙස භාවිතා වේ විවිද ධාරිත්‍රක වල රූප සටහන් සහ සංකේත  පහතින් දැක් වේ