-->
‍       මෙම බොලෙ‍ාග් අඩවිය පිලිබද

සියවස් ගනනාවක් පසුකමින් පැමිනි මිනිසා අද පය තබා ඇත්තේ ඉලෙක්ට්‍රොනික යුගයකටයි ඉලෙක්ට්‍රොනික විද්‍යා දැනුම ප්‍රයෝගීකරනය කෙරෙමින් එහි භාවිතය සාමාන්්‍ය ජනතාව අතරට පවා ගෙන එමින් ඉලෙක්ට්‍රොනික තාක්ෂණය විශ්මිත අන්දමින් ලොව වටා පැතිරෙමින් පවති එමනිසා කොයි කා හටත් පෙදුවේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබද මුලික හෝ දැනුමක් තිබීම අවශ්‍යතාව බෙහෙවින් ඉස්මතුවී ඇත වත්මන් පරපුර ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා තාක්ෂණය කෙරෙහි මහත් ඇල්මක් හා උන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබේ ප්‍රායෝගිකව පරිපථ අත්හදා බැලිම කෙරෙහි  වැඩි අවදානයක් යොමුවී ඇත සාර්ථක ලෙස මෙම විෂය හැදෑරීමට නම් එම පරිපථ හා ආශ්‍රිතව ඇති න්‍යායික දැනුම ලබා ගැනීම කෙරෙහිද අවධානය යෙමු විය යුතුය ස්ථාවරව න්‍යායික පදනමක් මත පිිහිටා ප්‍රායෝගී කරනය කෙරෙහි යොමුවී   සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය න්‍යායික දැනුම මුල සිට ලබාදීමේ අරමුන ඇතිව මෙහි  ආරම්බක පියවර වශයෙන් මෙම බ්ලොග් අඩවිය ඉදිරිපත් කෙරේ පරිපථ වල ඉතා බහුලව යෙදෙන උපාංග ප්‍රතිරොධක, ධාරිත්‍රක, පේරක ,ට්‍රාන්සිස්ටර්,දියෝද පිළිබදව දැනුමක් ලබා දීම මින් සිදු වේ ප්‍රායෝගික අත්හදා බැලීම කෙරෙහි උනන්දුවක් දක්වන විශාල පිරිසක්ද සිටින බැවින් ඔවුන්ගේ ප්‍රයෝජනය උදෙසා සාර්ථකව අත්හදා බලා ඇති විවිද පරිපථ රාශියක්මෙයින් ඉදිරිපත් කෙරේ (L.E.Dපරිපථ, බුදුරැස් වලලු ,රිමොට් කන්ට්රෝල් පරිපත ආදී විවිද පරිපථ රාශියක් ඉදිරිපත් කෙරේ) මෙම විෂය නිවැරදිව හැදෑරීමට අප සමග නිරන්තරයෙන් රැදී සිටින්න

ඔබේ ඉ‍ලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබද ඇති දැනුම හා ඇල්ම දියුනු තියුනු කිරීමට මෙම බ්ලොග් අඩවිය ඉවහල් වේවායි මගේ පැතුමයි!